ජීවිත 35ක් බේරාගත් හමුදා මෙහෙයුම

ජීවිත 35ක් බේරාගත් හමුදා මෙහෙයුම

March 1, 2025   11:05 pm

හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි පුද්ගලයින් 35  දෙනෙකු මුදාගෙන තිබේ.

ගැමුණු හේවා බළකායේ නන්පේරියල් කඳවුරේ ස්ථානගත ආපදා සහන සේවා භට පිරිස් විසින් අද (01) සවස මෙම පිරිස  සාර්ථකව මුදා ගෙන ඇත.

කොලොන්නාව ප්‍රදේශයේ සිට නන්පේරියල් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ දේශීය සංචාරකයින් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සිද්ධියට මුහුණ දී ඇඇති බව යුද හමුදාව පවසයි

යුද්ධ හමුදා භට පිරිස්වල කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵල මත හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර සිවිල් වැසියන් ආරක්ෂිතව මුදා ගැනීමට හැකි වූ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.