ගල් වළක වැඩ කරමින් සිටි පිරිසක් මතට ගලක් වැටී අයෙකු මරුට
March 1, 2025 08:09 pm
මීරිගම පොලිස් වසමේ අක්කර 20 ප්‍රදේශයේ ගල් වළක වැඩ කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මතට හදිසියේ ගලක් වැටී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (01) උදෑසන කාලයේ, එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා මීරිගම රෝහලට ඇතුළත් කර ඇත.
එම අනතුරින් මියගොස් ඇත්තේ, තවලම්පිටිය, මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.