මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

March 1, 2025   06:20 pm

දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් මව සහ සිය දියණිය තුවාල ලබා ඇතැයි වැලිගම පොලීසිය පවසයි 

අද (01) පස්වරුවේ එම අනතුර සිදුව තිබුණේ, වැලිගම හෙට්ටිවීදිය දෙවන පටුමඟ දුම්රිය හරස් මාර්ගයේදීය.

වැලිගම හෙට්ටිවීදිය දෙවන පටුමගේ පදිංචි කාන්තාවක් විසින් සිය දියණිය උපකාරක පන්තියට රැගෙන යාම සඳහා යමින් සිටියදී වව්නියාවේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ මව සහ දියණිය මාතර මහ රෝලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.