ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ
February 28, 2025 05:02 pm
මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබේ.
එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කෙරේ.