පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය දිගු කෙරේ
February 28, 2025 02:18 pm
පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත් වල වංගු කාලය දීර්ඝ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, 2025 වසර සඳහා එම තිලිණපත් 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවය.
එහි මීට පෙර සඳහන්ව ඇත්තේ, 2025.02.28 වන දිනෙන් එහි වලංගුතාවය අවසන් වන බවය.