ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට පහසු ජයක්

ශ්‍රී ලංකා මාස්ටර්ස්ලාට පහසු ජයක්

February 27, 2025   12:09 am

දකුණු අප්‍රිකා මාස්ටර්ස් කණ්ඩායම පරාජය කර අද (26) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් විය.

‍මුම්බායිහි ආචාර්ය ඩී. වයි. පටිල් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්විණි.

මෙහිදී දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 181ක ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තරගයේ 18(17.2) වැනි පන්දුවාරයේදී හඹායාමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකා ජය තහවුරුකළ චන්තක ජයසිංහ අනුකම්පා විරහිත ඉනිමක් දියත් කරමින් පන්දු 25කින් නොදැවී ලකුණු 51ක් රැස්කිරීමට සමත් විය.

චින්තකගේ ඉනිම හයේ පහර 2ක් හා හතරේ පහර 9කින් වර්ණවත් විය.

ඊට අමතරව අසේල ගුණරත්නද ප්‍රහාරාත්මක ලකුණු 59ක් රැස්කළේය.

පන්දු 33කට මුහුණදුන් අසේලගේ නොදැවුණු ඉනිමටද හයේ පහරක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයත් සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.