එංගලන්තයත් චැම්පියන්ස් කුසලානයෙන් විසිවෙයි

එංගලන්තයත් චැම්පියන්ස් කුසලානයෙන් විසිවෙයි

February 26, 2025   10:51 pm

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරාජය කර ලකුණු 8ක තියුණු ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

මෙය ඇෆ්ගනිස්තානය හමුවේ එංගලන්තය එක්දින තරගයකදී පරාජය වූ දෙවන අවස්ථාවයි.

එමෙන්ම මෙම පරාජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියෙන් ඉවතට විසිවීමට එංගලන්ත කණ්ඩායමට සිදුවිය.

ඇෆ්ගනිස්තානයට තවදුරටත් තරගාවලිය තුළ රැඳී සිටීමට ද මෙම ජයත් සමග අවස්ථාව උදා විය.

'B' කාණ්ඩයේ තරගයක් ලෙස පාකිස්තානයේ ලාහෝර්හිදී පැවති මෙම තරගයේ ඇෆ්ගනිස්තානයෙන් ලබාදුන් ලකුණු 326ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 317ක් පමණි.

ජෝ රූට් ලකුණු 120ක් රැස්කළත් එය එංගලන්ත ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.