කන්දකාඩු රැඳවියන් 4ක් පැනයයි

කන්දකාඩු රැඳවියන් 4ක් පැනයයි

February 25, 2025   11:19 am

‍පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව් දෙනෙකු පළාගොස් තිබේ.

අද අලුයම එම රැඳවියන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

පළාගිය රැඳවියන් අත්ඩංගුවට ගැනීම සඳහා මේ වනවිට එම මධ්‍යස්ථානයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අදාළ රැඳවියන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළා යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.