සංජීව ඝාතනයට නීතිඥ වෙසින් ආ ඝාතතයා හඳුනා ගැනේ

සංජීව ඝාතනයට නීතිඥ වෙසින් ආ ඝාතතයා හඳුනා ගැනේ

February 19, 2025   05:14 pm

සංජීව කුමාර සමරරත්න නොහොත් 'ගණේමුල්ල සංජීව' ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණ මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳවද මේ වනවිට කරුණු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව අදාළ වෙඩික්කරු ඉකුත් මස 7වනදා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩිකරු බව පොලීසිය පවසයි.

මේ අතර අද (19) උදෑසන බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන පැමිණි ගණේමුල්ල සංජීවගේ ආරක්ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම STF නිලධාරීන් 12 දෙනෙකු ආරක්ෂාවට යොදවා තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.