ගංවතුරෙන් හානි වූ වගාවන් සඳහා වන්දිය කඩිනමින් ලබා දීමට පියවර

ගංවතුරෙන් හානි වූ වගාවන් සඳහා වන්දිය කඩිනමින් ලබා දීමට පියවර

February 18, 2025   03:58 pm

2024/25 මහ කන්නයට අදාළව පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුරෙන්  හානියට පත් වගාවන් සදහා ලබාදෙන රක්ෂණ වන්දි මුදල් ඒවා නොලැබුණු දිස්ත්‍රික්වල ගොවීන්ට කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට දිනයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවීන් 9,368 දෙනෙකුගේ හානිවූ කුඹුරු සඳහා රුපියල් මිලියන 202ක මුදලක් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇති බව සදහන් ය.

එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවීන් 6,671දෙනෙකුගේ හානිවූ කුඹුරු සදහා රුපියල් මිලියන 98ක මුදලක් ලබන 21වන දින වන විට  බැංකු ගත කිරීමට කටයුතු කරන බවද කෘෂි කාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය සදහන් කළේය.

මේ වන විට පොලොන්නරුව, වවුනියාව, මුලතිව් හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්වල වගා හානිවූ කොටසකට රක්ෂණ වන්දි මුදල් ලෙස රුපියල් මිලියන 306ක මුදලක් අදාළ ගොවීන්ගේ ගිණුම් වෙත බැර කර තිබේ.