සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

February 17, 2025   06:19 pm

වෙඩිතැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

2024 නොවැම්බර් 10 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරවත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවක් ටී.56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණි.

එම අපරාධය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වූයේ සැකකරු බටපොල පොලිස් වසමේ පන්සල පාර ඉදිරිපිට, පොල්හුන්නාව ලිපිනයේ පදිංචිකරුවෙකු බවය.

ඔහු වැල්ලගේ චමත් හර්ෂක පැතුම් නැමැත්කෙු බව පොලීසිය පවසයි.

අදාළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙලෙස මහජන සහය පතයි.‍

යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක,

මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අම්බලන්ගොඩ :- 071 - 8591484

කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇල්පිටිය :- 091-2291095