පුද්ගලික අංශයේ වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි

පුද්ගලික අංශයේ වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි

February 17, 2025   01:29 pm

පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ.

ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මාසය වන විට රුපියල් 27,000ක් ලෙස සහ 2026 වසරේ ජනවාරි මාසය වන විට එය රුපියල් 30,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය.

මේ සඳහා සේවායෝජකයින්ගේ සංගමය එකඟ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.