මංගල පෙරහැර අතරතුර මියගිය මනාලයා
සයුරෙන් එතෙර

මංගල පෙරහැර අතරතුර මියගිය මනාලයා

February 16, 2025   10:39 pm

26 හැවිරිදි මනාලයකු සිය මංගල දිනයේදීම හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මංගල පෙරහැර අතරතුරදී ඔහු අශ්වයාගේ පිට උඩින් බිමට වැටි ඇති බව සඳහන් වේ.

එහිදි ඔහුව රෝහලක් වෙත කඩිනමින් රැගෙන ගියද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි තිබේ.

පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ ඔහුට හෘදයාබාධයක් ඇති වී ඇති බවය.

සාම්ප්‍රදායික ඇඳුමින් සැරසුණු එම ඉන්දීය මනාලයා අශ්වයාගේ පිට උඩ සිට අඩපන වී වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.