9 හැවිරිදි දරුවෙකු විදුලිසැර වැදී මරුට
February 16, 2025 09:59 pm
වේලනෙයි, සෙට්ටිපුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි පිරිමි ළමයෙකු විදුලි සැර වැදීමකින් අද (16) පස්වරුවේ මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී නිවසේ කිසිවෙකු සිට නොමැති බව වාර්තා වේ.
මියගිය දරුවා නිවසේ රූපවාහිනිය නැරඹීම සඳහා විදුලි සැපයුම සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුවන්ට ඇති බවට පොලීසිය අනුමාන කරයි.
දරුවාගේ වැඩිහිටියන් යළි නිවසට පැමිණීමත් සමග දරුවා ප්‍රතිකාර සඳහා වේලනෙයි රෝහලට ගෙනගොස් ඇති අතර, රෝහලට ගෙන යන අතරතුර මියගොස් තිබේ.
මේ වනවිට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලට යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.