ඉන්දීය - ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු නිල හමුවක

ඉන්දීය - ශ්‍රී ලංකා විදෙස් ඇමතිවරු නිල හමුවක

February 16, 2025   09:41 pm

8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව අද (16) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී දෙරට අතර ඵලදායී අන්තර්ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සමාලෝචනය කළ බව සිය X ගිණුමේ ඡායාරූපයක් සමඟ සටහනක් තබමින් අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රගතිය සඳහා කැපවී කටයුතු කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.