රන් පතලක නායයෑමකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට
සයුරෙන් එතෙර

රන් පතලක නායයෑමකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට

February 16, 2025   05:01 pm

මාලි රාජ්‍යයේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබේ.

නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ රන් පතලක මෙම නායයෑම සිදුව ඇති අතර එම අවස්ථාවේ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් විශාල පිරිසක් එහි සිට ඇති බව සඳහන් වේ.

සිද්ධියෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන සමාගමක් විසින් කලක් පවත්වාගෙන ගොස් අත්හැර දැමූ පතලක මෙම නායයෑම සිදුව තිබුණි.

මාලි රාජ්‍යය අප්‍රිකාවේ ප්‍රමුඛතම රන් නිෂ්පාදකයෙකු වන නමුත් රන් පතල් ආශ්‍රිතව නායයාම් ඇතුළු අනතුරු එරටින් සුලබව වාර්තා වේ.

පසුගිය ජනවාරි මාසයේ ද දකුණු දිග මාලි රාජ්‍යයේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබුණි.