රුපියල් කෝටියක විදෙස් මත්පැන් දෙල්කඳින් අල්ලයි
February 16, 2025 12:16 pm
නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික මධ්‍යස්ථානය තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය සමත් ව තිබේ.
අදාළ මත්පැන් තොගය මෝටර් රථ අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරික මධ්‍යස්ථානයේ බිම් මහලේ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ඉතා සූක්ෂමව රහසිගත අයුරින් සඟවා තිබියදී අදාළ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව එහි කළමනාකරු වශයෙන් සිටි 59 හැවිරිදි පුද්ගලයෙකුද අදාළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශීය මත්පැන් තොගය කොල්ලුපිටිය සහ කොට්ටාව ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන රාත්‍රී සමාජ ශාලා හිමිකරුවෙකු විසින් එම සමාජ ශාලාවලට නිකුත් කිරීම සඳහා එම ව්‍යාපාරිකයාට අයත් මෙම ව්‍යාපාරිකයාට අයත් ව්‍යාපාරික මධ්‍යස්ථානයේ සඟවා ඉන් පසුව තොග වශයෙන් මෙම සමාජ ශාලා වෙත ගෙන ගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.