කීරි සම්බා තොගයක් සඟවාගෙන සිටි වෙළෙන්ඳෙකුට වැඩවරදී

කීරි සම්බා තොගයක් සඟවාගෙන සිටි වෙළෙන්ඳෙකුට වැඩවරදී

February 15, 2025   04:23 pm

තෝරාගත් පාරිභෝගිකයන් වෙත වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් සහල් සඟවා තබාගත් පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.

බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට  අනුව පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙළෙඳසැලකට අයත්  ගබඩාවක් එම අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබුණි.

එහිදී එම ස්ථානයේ තිබී කීරි සම්බා කිලෝග්‍රෑම් පහේ ඇසුරුම් 950කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

අදාළ ව්‍යාපාරික ස්ථානය හිමි ව්‍යාපාරිකයාට එරෙහිව අධිකරණ  ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.