ගාසා තීරයේ අද සිදු වූ දේ
February 15, 2025 02:43 pm
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ගාසා තීරයේ දී සිදුවේ.
මෙයට සමගාමීව ඊශ්‍රායල විසින් ද පලස්තීන සිරකරුවන් 369ක පිරිසක් අද (15) නිදහස් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33දෙනෙකු සහ පලස්තීන සිරකරුවන් 1900දෙනෙකු හුවමාරු කර ගැනීමට නියමිතව ඇත.
ඒ අනුව පසුගිය ජනවාරි 19වනදා සිට ප්‍රාණ ඇපකරුවන් 16දෙනෙකු සහ පලස්තීන සිරකරුවන් 766දෙනෙකු මේ වනවිට නිදහස් කර තිබේ.
කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුමේ කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශවයටම චෝදනා වී ඇත.
එසේ තිබියදී අද දිනයේ නියමිත වේලාවට ප්‍රාණ ඇපකරුකරුවන් දෙදෙනා නිදහස් කිරීමට කටයුතු නොකළහොත් ගාසා තීරයට ප්‍රහාර එල්ලකරන බවට ඊශ්‍රාලය අනතුරු අඟවා තිබේ.