මාලිමා මන්ත්‍රීගේ ඥාති සහෝදරයා රිමාන්ඩ්

මාලිමා මන්ත්‍රීගේ ඥාති සහෝදරයා රිමාන්ඩ්

February 15, 2025   01:58 pm

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ ඥාති සහෝදරයා එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුව මාරවිල වැඩබලන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කොස්වත්ත, හාල්දඩුවන ප්‍රදේශයේදී ඊයේ (14) උදෑසන ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතා පාර්ලිමේන්තුවට එමින් සිටියදී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වුණි.

අනතුරෙන් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයා මියගොස් තිබුණි.

ඒ අනුව අනතුර සිදුවන අවස්ථාවේ රථයේ රියදුරු ලෙස කටයුතු කළ මන්ත්‍රීවරයාගේ ඥාති සොහොයුරාව කොස්වත්ත පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.