අත්අඩංගුවට ගත් PHI 17වනදා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් PHI 17වනදා දක්වා රිමාන්ඩ්

February 15, 2025   01:28 pm

හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා අල්ලසක් ලබාගැනීමේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුව ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එළැඹෙන 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව රාජකාරී කටයුතු සිදුකළ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබාගනිද්දී ඊයේ (14) අත්අඩංගුවට පත්විය.

පසුව ඔහු දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.