කතරගම බස් නැවතුම්පොළේ දී තරුණයෙක් සියදිවි නසාගනී
February 15, 2025 10:07 am
කතරගම පොදු බස් නැවතුම්පොළ අසළ ඇති වැසිකිළිය ආසන්නයේ දී තරුණයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.
මෙම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ බස් නැවතුම්පොළ අසළ ඇති ජල ටැංකියක ආධාරයක් මත එල්ලී මෙම සියදිවි හානිකරගැනීම සිදුකරගෙන ඇත.
මියගිය පුද්ගලයා කතරගම ප්‍රදේශයෙන් පිටස්තර අයෙකු බව ප්‍රදේශවාසීන් පවසයි.
ඔහු දින කිහිපයක්ම කතරගම නගරයේ සැරිසරා ඇති බව වාර්තා වේ.
මරණය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.