හෝටලයේ යකා නැටූ අර්ච්චුනාගේ CCTV එළියට

හෝටලයේ යකා නැටූ අර්ච්චුනාගේ CCTV එළියට

February 12, 2025   02:45 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් "අද දෙරණ"ට ලැබී තිබේ.

ඊයේ (11) රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී ඇති වූ බහින්බස් වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා එහිදී පිඟානකින් පහර දී තුවාල සිදුකර සිටි පුද්ගලයාව මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසයි.

මෙහිදී මන්ත්‍රීවරයා ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමක් සිදුකරනු ලබන අතර එයට විරෝධය පෑ පුද්ගලයින් අතර මෙම බහින්බස් වීම සිදුව තිබුණි.

එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා පිඟානකින් එක් අයෙකුට පහර දී ඇති බව අප වාර්තාකරු පැවසීය.

කෙසේ වෙතත් අප කළ විමසීමක දී පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් රෝහල්ගතව ඇති බවය.