සහල් වැඩි මිලට අලෙවිකරණ සහ සඟවා තබන වෙළෙඳුන්ට වැඩවරදී 

සහල් වැඩි මිලට අලෙවිකරණ සහ සඟවා තබන වෙළෙඳුන්ට වැඩවරදී 

February 12, 2025   03:52 pm

වෙළෙඳපොළේ සහල් වැඩිමිලට අලෙවිකරණ සහ සඟවතබන වෙළෙඳුන් සොයා දිවයින පුරා දිස්ත්‍රික්ක වලට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් අඛණ්ඩවවැටලීම් සිදුකරයි.

ඔවුන්ගේ සහායට විශේෂ කණ්ඩායම් ද යොදවා තවදුරටත් වැටලීම් ක්‍රියාත්මක කර බව වාර්තා වේ.

පසුගිය කාලසීමාව තුල එවැනි වැටලීම් ගාල්ල, මාතර, හම්බන්තොට, කොලඹ, රත්නපුර, කුරුණෑගල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල සිදුකරන ලදී.

ඒ අනුව, වැඩිමිලට සහල් අලෙවිකරනු ලබන බවට වාර්තා වන සහ පැමිණිලි ලැබෙන ප්‍රදේශවලට විශේෂ කණ්ඩායමද යෙදවීමට කටයුතු කර ඇත.

මීට අමතරව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ඊයේ (11) කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා සිදුකරන ලද වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 40 ක් පමණ සිදුකර තිබේ. 

කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, මාවතගම, පොල්ගහවෙල, අලව්ව, උහුමිය, නාරම්මල, නිකවැරටිය, කොබෙයිගනේ, හෙට්ටිපොල, ගල්ගමුව, අබන්පොල, දළදාගම සහ  මහව යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකරන ලද අතර එහිදී ආනයනික සම්බා සහල් රුපියල් 280 ට සහ දේශීය කීරි සම්බා රුපියල් 270 වැනි මිල ගණන්වලට  අලෙවිකරණ ලද වෙළෙඳුන්ව හමුව තිබේ.

පුද්ගලික සමාගමක්ද ඇතුළුව අදාළ සියලුම වෙළෙඳුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර සහල් වැඩිමිලට අලෙවිකිරීමකදී අධිකරයේ  නඩු පැවරීමකින් පසුව වරදකරු වුවහොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නියමකළ හැකි අවම දඩය රුපියල් ලක්ෂයක් වේ.

එමෙන්ම මස 6 ක සිර දඬුවම්ද ලබාදියහැකි අතර එසේ නොමැතිනම් ඉහත දඩ මුදල සහ සිර දඬුවම යන දෙකම ලබාදීමට ද පනත යටතේ හැකියාවක් පවති.

එමෙන්ම සහල් සඟවතැබීම සම්බන්ධව සිදුකරන වටලීම් ද තවදුරටත් ක්‍රියාත්මක වන අතර පසුගිය 10 වනදා පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද එවැනි වැටලීමකදී කීරි සම්බා කිලෝග්‍රෑම් පහේ අසුරන 3,000 ක්ද නිලධාරීන් විසින් සිය භාරයට ගෙන වැටලීම් සිදුකර නඩු පවරා ඇත.