දසුන් ශානකලා ILT20 ශූරතාව දිනයි
February 9, 2025 11:48 pm
ඩුබායිහි පැවැත්වෙන ILT20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දසුන් ශානක නියෝජනය කරනු ලැබූ Dubai Capitals කණ්ඩායම සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී Desert Vipers කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින්ය.
අවසන් තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (9) රාත්රියේදී පැවැත්විණි.
පළමුව පන්දුවට පහරදුන් Vipers කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 189ක් රැස්කළේය.
නායක සෑම් කරන් නොදැවී 62ක් රැස්කළ අතර, මැක්ස් හෝල්ටන් ලකුණු 76ක් ඉනිමට එක් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ Capitals කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය තරගයේ අවසන් පන්දුවාරයේ (පන්දුවාර 19.2) පන්දු 4ක් ඉතිරිව තිබියදී පසුකර යාමට සමත් විය.
අනුකම්පා විරහිත ඉනිමක් ක්‍රීඩාකළ රොව්මන් පවෙල් ලකුණු 63ක්ද, ශායි හෝප් ලකුණු 43ක්ද රැස් කළේය.
ඊට අමතරව සිකන්දර් රාසා නොදැවී ලකුණු 34ක් රැස්කළ අතර, දසුන් ශානකද ප්‍රහාරාත්මක ලකුණු 21 රැස්කිරීමට සමත් විය.
පන්දු 10කින් ගොඩනැගුණු දසුන්ගේ ඉනිමට හයේ පහර 2ක් ඇතුළත් විය.
මෙම තරගාවලිය කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්විණි.