මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලට නව කොමසාරිස්වරයෙක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලට නව කොමසාරිස්වරයෙක්

February 10, 2025   05:49 pm

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියදුරු බලපත්‍ර අංශයට නව කොමසාරිස්වරයෙකු පත් කර තිබේ.

ඒ අනුව අනූපම මංගල වික්‍රමආරච්චි මහාත ඒ සඳහා පත් කර ඇති අතර ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ ඉහළ නිලධාරියෙකු ද වේ.

මීට පෙර ඒ මහතා මහඔය, කල්මුණේ, පදියතලාව, ගඟ ඉහළ කොරලය, මැද දුම්බර, යටි නුවර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.

එමෙන්ම ඒ මහතා මීට පෙර ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශයේ කොමසාරිවරයා වශයෙන්ද සුවිශේෂී සේවානන් සිදුකරනු ලැබ තිබේ.

වැඩ බාරගැනීමෙන් පසුව තම කාර්ය මණ්ඩල අමතා අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන කිසිදු සේවාලාභියෙකු තෘප්තිමත් නොකර නැවත පිටත් නොකරන බවය.

එසේම තමන් සංවර්ධන අංශයේ කොමසාරිස්වරයා වශයෙන් සිටියදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගේ උපදෙස් මත තැපැල් දෙපාර්තමේන්තුව සමග කුරියර් සේවාව සම්බන්ධව වටිනා ගිවිසුමකට එළැඹීමට මෑතකදී හැකිවුණ බවත් ඒ අනුව රියදුරු බලපත්‍රය මේ වනවිට ඉතාම කාර්යක්ෂමව සහ නිවැරදිව කුරියර් සීඝ්‍රගාමී තැපැල් සේවාව හරහා සේවා ලාභියා වෙතටම ගොස් ලබා දීමට තටයුතු සූදානම් කර අවසන් ඒ මහතා පැවසීය.