ගාල්ල ඇලෝෂියස් විද්‍යාලයේදී කාදිනල් හිමි ඉල්ලූ වෙනස

ගාල්ල ඇලෝෂියස් විද්‍යාලයේදී කාදිනල් හිමි ඉල්ලූ වෙනස

February 6, 2025   10:08 pm

අධ්‍යාපනය පිළිබඳ නව චින්තනයක් වත්මන් සමාජයට නැවත වරක් අවශ්‍යවී ඇතැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (06) එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු විශේෂ ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. 

එම විද්‍යාලයේ නව මං සලකුණක් සනිටුහන් කරන මෙම ශ්‍රවණාගාරය ඉදිකර ඇත්තේ විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන EAM මැලිබන් ටෙක්ස්ටයිල්ස් පුද්ගලික සමාගමේ සභාපති ඉලියාස් අබ්දුල් කරීම් මහතාගේ ධන පරිත්‍යාගයෙනි. 

මෙම විශේෂ අවස්ථාව සංවිධාන කිරීම සඳහා ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවද එක්වුණි.