දුම්රිය කිහිපයකින් තෙවන පන්තියේ ආසන වෙන්කිරීම අත්හිටුවයි

දුම්රිය කිහිපයකින් තෙවන පන්තියේ ආසන වෙන්කිරීම අත්හිටුවයි

February 6, 2025   07:18 pm

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් දුම්රිය කිහිපයක තෙවන පන්තියේ මැදිරි සඳහා ආසන වෙන්කිරීමට ලබා දී තිබෙන අවස්ථාව අත්හිටුවීමේ තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ කොටුවෙන් පෙ.ව. 5.55ට හා පෙ.ව. 8.30ට බදුල්ල බලා ධාවනය වන දුම්රිය මෙන්ම ප.ව. 3.45ට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රියන්හි මෙලෙස තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටුවීමට තීරණය කර ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙම දුම්රියයන්හි තෙවන පන්තියේ ආසන වෙන්කරන මැදිරි සාමාන්‍ය තෙවන පන්තියේ මැදිරි ලෙසින් පරිවර්ථනය කරනු ලබයි. 

කෙසේ නමුත් තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ අවස්ථාව අත්හිටු වූවත්, එම මැදිරි වෙනුවට දෙවන පන්තියේ ආසන වෙන්කිරීමට ඇති අවස්ථාව වැඩිකර ඇත.