ලුණු ආනයනයට පුද්ගලියක අංශයටත් අවසර
February 3, 2025 06:55 pm
ලුණු ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දී ඇති බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
වෙළෙඳපොළේ ඇතිවිය හැකි ලුණු හිඟයට හේතුවක් ලෙස කර්මාන්ත අවශ්‍යතා සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවුණි.
ජනවාරි මස 31 වැනිදා දක්වා රාජ්‍ය අංශයට එම අවසරය ලබාදී තිබූ අතර පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම කාලය පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කරනු ලැබීය.
ඒ අනුව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,890කි.
කෙසේවෙතත් ලුණු නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අද (03) සාකච්ඡාවක් පැවැත්වුණි.
ඒ අනුව ලුණු ආනයනය සඳහා මෙතෙක් රාජ්‍ය අංශයට පමණක් අවසර හිමිවූ අතර, අද සිට පෞද්ගලික අංශයටද ලුණු ආනයනය සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවට දැනුම්දුන් බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.
එම සාකච්ඡාවෙන් අනතුරුව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයින් මාධ්‍ය වෙත සදහන් කළේ ලුණු ආනයනයත් සමග වෙළෙඳපොාළේ ලුණු මිල ඉහළ යනු ඇති බවය.
කෙසේවෙතත් ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සදහන් කළේ වෙළඳපොළේ පවතින හිඟය මත ලුණු මිල ඉහළ ගියද ආනයනය කිරීම හේතුවෙන් වෙළෙඳපොළෙහි ලුණු මිලෙහි ඉහළ යාමක් සිදු නොවනු ඇති බවය.
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ යළි කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට මෙලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු නොකරන බවය.