අම්බලන්තොට තිදෙනෙක් කපා කොටා ඝාතනය කරයි

අම්බලන්තොට තිදෙනෙක් කපා කොටා ඝාතනය කරයි

February 2, 2025   09:48 pm

අම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දී අද (2) ප.ව. 8ට පමණ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තවත් නිවසකට ගොස් එහි සිටි තිදෙනෙකු කපාකොටා මෙම ඝාතනය කර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.

මෙහිදී එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගිය පුද්ගලයන් වයස අවුරුදු 29ත් 45ත් අතර වයස්වල පසුවන ඇලේගොඩ හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මරණකරුවන් හා තවත් පාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නිතී විරෝධී මත්පැන් ජාවාරමේ නිතරව සිටින දෙපාර්ශවයක් අතර කලට සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට ද මේ වනවිට කරුණු හෙළි වී ඇත.