තහනම් ධීවර දැල් තොගයක් සමග සැකරුවෙක් අත්අඩංගුවට

තහනම් ධීවර දැල් තොගයක් සමග සැකරුවෙක් අත්අඩංගුවට

February 2, 2025   08:36 pm

අලෙවි කිරීමට සුදානම් කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) 101ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව කන්තලේ ප්‍රදේශයේ ඊයේ (01) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 51ක් වන කන්තලේ, ධීවරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තහනම් ධීවර දැල් තොගය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්තලේ පොලීසිය වෙත භාරදී ඇත.