සුළං කුලුනක තට්ටක් කඩා වැටි නිවාස 3කට හානි
February 2, 2025 09:40 pm
සුළං විදුලි උත්පාදන කුලුනක තට්ටක් කඩාවැටීමෙන් කන්දකුලිය කුරිඤංපිටිය ප්රදේශයේ නිවාස තුනකට හානි සිදුව තිබේ.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ අද (02) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවය.
පුද්ගලික විදුලි නිෂ්පාදන සමාගමට අයත් සුළං විදුලි කුලුනක තට්ටක් හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස කඩාවැටි ඇති බව වාර්තා වේ.
අදාළ සමාගමට අයත් සුළං කුලුණු 05ක් එම ස්ථානයේ ඇති බවත් එයින් එකක තට්ටක් මෙලෙස කඩා වැටි ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළේය.
මෙම එක් සුළං විදුලි උත්පාදන කුලුනක උස, අඩි 270 කට අධික වන අතර එහි සවිකර ඇති තට්ටක් අඩි 129 ක පමණ දිගකින් සමන්විත වේ.
අදාළ සුළං කුලුනේ තට්ට කඩාවැටීමෙන් එක් නිවසක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර ඒ ආසන්නයේ පිහිටි තවත් නිවාස දෙකකට සුළු හානි සිදුව ඇත.
කෙසේවෙතත් මෙම සුළං තට්ට කඩා වැටීම සිදුවන අවස්ථාවේ දී එම නිවාසවල කිසිවකු සිට නැති බව වාර්තාවේ.