රුපියල් ලක්ෂ 15ක අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 15ක අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවට

February 2, 2025   11:42 am

පයාගල හා අවට ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජවාරමේ නිරත වූ අයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලක්ෂ 15කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද සැකකරු සතුව තිබී පොලිස් නිලධාරීන් සිය භාරයට ගනු ලැබීය. 

දීර්ඝ කාලයක් පුරාවට සැකකරු සූක්ෂම ලෙස පයාගල, මග්ගොන, බේරුවල, වැලිපැන්න, අලුත්ගම සහ දොඩංගොඩ ආදී ප්‍රදේශ රැසකට මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජවාරමේ නිරතව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිටින මේ වන විට විදෙස් රටක රැඟව සිටින වැලි පැන්න පොඩි පැටීගේ ගෝලයෙකු බවද පොලීසිය පැවසීය.

ලාල්මෝලා" යන අනුවර්තනාමයෙන් හඳුන්වනු ලබන සැකකරු 41 වියෙහි පසුවන අතර ඊයේ (01) සවස කළුතර අපරාධ කොට්ඨාසය විසින් පයාගල මන්ත්‍රීගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමින් නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුට එරෙහිව මීට පෙරද අවස්ථා කිහිපයකදීම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ක්‍රියාත්මක වන පුද්ගලයෙක් බවද පොලීසිය පැවසීය.

සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.