
පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන යටතේ ටිබෙට් ජාතික සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා 38 දෙනෙකු මෙරට දින 15ක අධ්‍යන චාරිකාවක් සඳහා ඊයේ (01) දී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම භික්ෂූන් වහන්සේලා අතරට ටිබෙට් ජාතික භික්ෂූන් වහන්සේලා 25ක් සහ තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකුද ඇතුළත් වී සිටියහ.
ඔවුන් අනුරාධපුරය, දඹුල්ල, සීගිරිය, මහනුවර, ශ්‍රී පාදස්ථානය, කළුතර, සහ කැළණිය යන ස්ථානවල එළැඹෙන 08 දින දක්වා වන්දනා චාරිකාවක නිරත වීමට ද නියමිතය.
ඉන් අනතුරුව එළඹෙන 14 දින දක්වා අධ්‍යයන සැසි කීපයකට ද සහභාගී වීමට නියමිතය.
ඔවුන් පිළිගැනීම සදහා මෙම වැඩසටහන සංවිධානය කරන බෞද්ධ සහෝදරත්ව පදනමේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.





















































