header logo
SLIC
උණුසුම් පුවත්
රු ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යෝෂිතට ඇප
Jan 27, 202510:26 AM
රු ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යෝෂිතට ඇප
EDEX

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දීර්ඝ කරුණු‍ සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය ආගමන හා විගමන පාලකවරයාටත් දැනුම්දෙන ලෙසත් නියෝග කර සිටියේය.

සෑම මසකම අවසන් ඉරුදින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරු වෙත මහෙස්ත්‍රාත්වරයා විසින් තවත් ඇප කොන්දේසි‍ දෙකක් පනවනු ලැබීය.

අදාළ නඩුකරය කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව පැවැත්වෙන විමර්ශන මාලාවක් අතුරින් මෙය එක් විමර්ශනයක් පමණක් බව සඳහන් කළේය.

"මෙම සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන තුනක් පැවැත්වෙනවා. මීට අදාළව දෙහිවල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ පන්සීයක නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම සැකකරුට එරෙහිව එක් විමර්ශනයක් පැවැත්වෙනවා. ඊට අමතරව සී.එස්.එන් නාළිකාවේ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවත් නඩු කටයුත්තක් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙනවා. එම විමර්ශන මාලාවේ එක් විමර්ශනයක් තමයි මෙම නඩු කටයුත්ත." යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා 2012 වසරේ රත්මලාන, සිරිමල් මාවතේ රුපියල් මිලියන 350ක මුදලකට සැකකරු විසින් පර්චස් 31.5ක නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් සඳහන් කර සිටියේය.

"ඩ‍ෙසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නමක් මෙම ප්‍රශ්නගත ඉඩමේ ඔප්පුවේ සඳහන් වෙනවා. මේ කාන්තාව සැකකරුගේ මිත්තනිය බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. එම කාන්තාව මෙම නඩු කටයුත්තේ පළමුවන සැකකාරිය වශයෙන් නම් කර තිබෙනවා. මෙම තැනැත්තිය සුලේමන් රෝහලේ මෙන්ම ගුරුවරියක ලෙසත් සේවය කර තිබෙනවා. ඊට අමතරව ඇය ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන්ද කටයුතු කළ තැනැත්තියක්. ඇයට මුලදී හිමිවී තිබෙන්නේ රුපියල් 250ක හෝ 300ක වැටුපක් පමණයි. මේ තරම් විශාල දේපළක මිලදී ගැනීමට තරම් මුදලක් ඇය සතුව තිබී නැහැ. ඇය විසින් මුලින්ම පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා තමන් සතුව නිශ්චල දේපල නැහැ කියලා. පසුව ඇය සඳහන් කර තිබෙනවා දෙවන සැකකාර යෝෂිත රාජපක්ෂ විසින් මේ දේපල මිලදී ගත්තා කියලා. තවත් අවස්ථාවක ඇය විසින් පොලීසියට ලබාදුන් කට උත්තරයේ සඳහන් කර තිබෙනවා මුස්ලිම් ජාතිකයකු විසින් ලබාදුන් මැණික් මල්ලක් විකුණා ලැබුණු මුදල්වලින් මේ දේපළ මිලදී ගත් බව. පසුව මේ ඔප්පුව පොලිසිය විසින් සොයා ගත්තේ පාලිත ගමගේ නමැත්තෙක් භාරයේ තිබිලා. ඔහු සඳහන් කර තිබෙනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මේ ඔප්පුව ලැබුණා කියලා. ඒ අනුව පැහැදිලි වෙනවා මෙම ඉඩමේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නම සඳහන්ව තිබුණත් එය පාලනය කර තිබෙන්නේ වෙනත් පිරිසක් බව." යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර යෝෂිත රාජපක්ෂට ලැබුණු ආදායම් පිළිබඳවද අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළේය.

"සැකකරු 2006 වසරේ ලුතිනන් වරයෙකු වශයෙන් නාවික හමුදාවට බැඳී 2016 වසරේ වැඩ තහනමට ලක්ව තිබේ. නාවික හමුදාවේ සේවය කරන විට ඔහුට ලැබී තිබෙන්නේ මාසිකව රුපියල් 73000ක වැටුපක්. එම මුදල සෘජුවම ඔහුගේ ගිණුමට බැර වී තිබෙනවා. ඔහු එම මුදල් ආපසු අරගෙන නෑ. එවැනි තත්ත්වයක් යටතේ සැකකරු ලක්ෂ 350ක් වැනි මුදලක් යොදවා මෙවැනි දේපලක් මිලදී ගැනීමේ කෙසේද? ඒ අනුව පැහැදිලි වෙනවා මෙම දේපළ මිලදී ගැනීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබෙන ආකාරය. ඒ වගේම පැහැදිලි වෙනවා අසාධු මුදල්වලින් මේ මිලදී ගැනීම සිදුවී තිබෙන බව. මෙවැනි අසාධු මුදල් සංසරණය වැළැක්විය යුතුයි. ඊට සම්බන්ධ අඩි සටහන්ද මකා දැමිය යුතුයි. 2017 වසරේ මෙම සැකකරු විසින් පොලිසියට දුන් ප්‍රකාශයේ මේ පිළිබඳව කිසිවක් සඳහන් කරන්නේ නෑ. මෙම සැකකරු විසින් සිදු කර තිබෙන ප්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය සිදුකළ යුතුයි." යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ විමර්ශනය සිදුවන්නේ මීට වසර අටකට පමණ ඉහතදී ගොනු කරන ලද නඩු කටයුත්තක් සම්බන්ධයෙන් බව සඳහන් කළේය.

"මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වූ ඩේසි ෆොරොස්ට් නමැත්තිය නොතීසි මත අධිකරණයට ගෙන්වා ඇප මත මුදාහැර තිබෙනවා. පසුව විමර්ශන ගොනු 2018 වසරේ නීතිපතිවරයාට යොමු කරනු ලැබුවා. වසර අටකට වැඩි කාලයක් ගත වී තිබිලත් විමර්ශන අවසන් වී නොතිබීම ඛේදවාචකයක්. පසුව නඩුව බහ තැබුණු අතර නොතිසි ලැබුණොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන සැකකාරියට දැනුම් දී තිබුණා. වසර අටකට පමණ ඉහතදී ප්‍රධාන සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකින් තොරව ඇප මත මුදා හැර තිබියදී මෙම සැකකරු පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නෑ. ඒ නිසා ඕනෑම කොන්දේසියක් මත සැකකරු ඇප මත මුදා හරිණ ලෙස මා ඉල්ලා සිටිනවා." යනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තකදී නඩුවට පාදක වන දේපළ තහනමට ගැනීම ඉතා වැදගත් බව සඳහන් කළේය.

"එහෙත් මෙම නඩුවට පාදක වන දේපොළ මේ දක්වා තහනමට ගෙන නොමැති බව මා කළ විමසීමේදී පොලීසිය පැවසුවේය. මෙය වසර අටකට පමණ ඉහතදී ආරම්භ වූ විමර්ශනයක් වන අතර එහි ප්‍රධාන සැකකාරිය මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා. යම් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නම් ඒ සඳහා අධිකරණයට සෑහීමකට පත්විය හැකි ප්‍රමාණවත් කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. මෙම නඩුකරයේ බරපතළ භාවය සහ මහජන කැලඹීම් යන කරුණු මත ඇප ප්‍රතික්ෂේප කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලීම් කර තිබුණා. එහෙත් එම කාරණා සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. හුදෙක් නඩුවේ බරපතළ භාවය සහ මහජන කැළඹීම් යන යන වචන මත පදනම් වී සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ." ඒ අනුව ඉදිරිපත් වූ කරුණු පිරික්සීමේදී මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

https://youtu.be/Jin-PuO5DWs
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana