header logo
SLIC
උණුසුම් පුවත්
යෝෂිතගේ ඡායාරූපය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
Jan 26, 202506:52 PM
යෝෂිතගේ ඡායාරූපය ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
EDEX

සාමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාගේ ගෙන ඇති ඡායාරූපය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී හෝ පොලිස් නිලධාරියෙකු විසින් ගත් ඡායාරූපයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ එම ඡායාරූප ගෙන ඇත්තේ බෙලිඅත්ත අධිවේගී මුරපොළේ ඔහුව රඳවාගෙන සිටි අවස්ථාවේ දී බවත් එය රැගෙන ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතාගේ යහළුවෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විසින් බවත්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කරමින් පවසා සිටියේ අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකුටම අත්විලංගු දැමීම අත්‍යවශ්‍ය නොවන බවත් සැකකරුගේ හැසීරීම මත එම අවස්ථාවේ රජකාරියේ නියුතු පොලිස් නිලධාරියා විසින් සැකකරුට අත්විලංගු දමනවාද නැද්ද යන්න යන්න පිළිබඳව තීරණය කරන බවයත්ය.

ඒ අනුව, අදාළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් නිවැරදී නෛතික පියවර ගෙන තිබූ බවත් ඒ සඳහා කිසිදු ලෙසක දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් සිදු නොවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් පැවසීය.

"ඊයේ උදෑසන ඔහුගේ දෙහිවල නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියා. එහිදි තොරතුරු හරහා අපිට ලැබුනේ ඔහු බෙලිඅත්තට ගිහින් ඇති බවයි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගන්න අපි බෙලිඅත්ත ප්‍රදේශයට ගමන් කළා. ඒ අතරතුර අධිවේගී මාර්ගයේ පිටවීමේ අසන්නයේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔහුව රඳවා ගැනීමක් කරලා මුරපොළ වෙත රැගෙන ගොස් වාඩි කරලා තිබුණා. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එතනට පැමිණ ඔහුව ඔවුන්ගේ භාරයට ගෙන අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමක් සිදුකළා."

"ඒ කියන ඡායාරූපය අරගත්තේ පොලිස් නිලධාරීන් නෙමෙයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදු වූ සිදුවීමකුත් නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන තුරු ඔහුව බෙලිඅත්ත අධිවේගී මුරපොළෙහි රඳවාගෙන සිටි අවස්ථවේ දී ඔහු ලබාදුන් ඡායාරූපයක්. යම්කිසි මිතුරෙක් හෝ කිසියම් කෙනෙක් ලබාගත් ඡායාරූපයක්. "

"මාංචු දැමීම කියන එක, අපි අත්අඩංගුවට ගැනීමක් සිදුකරන විට, සියල්ල සිදු කරන්නේ නෛතික පදනමක් මත. පැන යාම හෝ සිරබාරයට ගැනීමට ඔහු විරුද්ධ වෙනවා නම් ඔහුව පාලනය කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමයක් තමයි මාංචු දැමීම. ඔහු අවනත වෙනවා නම් අත්විලංගු දමන්න අවශ්‍ය වන්නේ නෑ. එය තීරණය කරන්නේ ඒ මොහොතේ එම සිදුවීමේ සිටින විමර්ශන නිලධාරීන්."

"අපි අවසාන වශයෙන් ඔහුව අත්අඩංගුවට ගත්තා නියමිත නෛතික පියවර අනුගමනය කලා. අධිකරණයට යොමු කළා. ඒ අනුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළා. සියල්ල අපි නීතියට අනුකූලව ඉෂ්ඨ කළා. කිසිසේත්ම විමර්ශන සඳහා දේශපානල අධිකාරියේ මැදිහත්වීමක් නෑ. විශේෂයෙන්ම අපගේ විෂයභාර අමාත්‍යවරයා හෝ විමර්ෂණ සඳහා මැදිහත්වීමක් කරන්නේ නෑ. පාරිපාලනයට පමණයි මැදිහත්වීමක් කරන්නේ."

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී ඊයේ (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ ඔහුගේ මිත්තණියක් වන ඩේසි ෆොරස්ට් නමැත්තිය හා එක්ව නිවසක් මිලදීගැනීමේ සිද්ධියකට අදාළ නීතිපති උපදෙස් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේය.

පසුව ඔහුව අලුත්කඩේ මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana