පරීක්ෂා නොකර නිදහස් කළ බහාලුම් තොගයේ වගකීම රජය භාරගනී

පරීක්ෂා නොකර නිදහස් කළ බහාලුම් තොගයේ වගකීම රජය භාරගනී

January 24, 2025   01:14 pm

ආනයනික බහාලුම් නිදහස් කරගැනීමේ ප්‍රමාදය සහ තදබදය නිසා පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කෙරුණු බහාලුම් 323ට අදාළ වගකීම රජය භාරගන්නා බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

"නිර්ණායක අනුව තමයි මේ වැඩේ කරන්නේ. මේ කියන තුන්සිය ගණනත් එළියට දැම්මේ තුන්දෙනෙකුගේ කමිටුවක් හරහා. වරායට එන කන්ටේනර් 2000ම අපිට කවදාවත් පරීක්ෂා කරලා එළියට දාන්න බැහැ. ඒ නිසා අපි යම්කිසි ප්‍රමාණයක් නිදහස් කරනවා. අලුත් අංගනවලට යන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ"

මේ පිළිබඳ සමාජයේ කතාබහක් මතුවූයේ පසුගියදා රේගු වෘත්තීය සමිති සන්ධානය සිදුකළ අනාවරණයත් සමගය.