සයුරෙන් එතෙර
ඔත්තු බැලූ චීන ජාතිකයෙකු පිලිපීනයේදී අත්අඩංගුවට
January 24, 2025 12:00 pm
පිලිපීන හමුදාව සහ එරට පොලිස් කඳවුරු සම්බන්ධයෙන් ඔත්තු බැලූ බවට සැකකෙරෙන චීන මෘදුකාංග ඉංජිනේරුවෙකු අත්අඩංගුවට ගත් බව පිලිපීන ආරක්ෂක නිලධාරීන් පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උපායමාර්ගික දකුණු චීන මුහුදේ ගල්පර සහ මුහුදු සීමාව සම්බන්ධයෙන් පිලිපීනය සහ චීනය අතර සමුද්‍රීය ගැටුම් මෑත මාසවලදී උත්සන්න වීමත් සමග මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවය.
අත්අඩංගුවට ගැනීම සහ චෝදනා සම්බන්ධයෙන් මැනිලා හි චීන තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වා නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.