වරෙන්තුකරුවන් 2,561 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
January 22, 2025 05:13 pm
සමස්ත දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කර තිබෙන පොලිස් වැටලීම් අනුව අධිකරණය මගින් වරෙන්තු නිකුත් වී සැඟව සිටි වරෙන්තුකරුවන් 2,561 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව අපරාධවලට ඍජුව සම්බන්ධ පුද්ගලයන් 167 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත දිවයිනේ පොලිස් ස්ථාන 607ම සහ අනෙකුත් විශේෂ අංශයන් ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.
අපරාධ වැළැක්වීම, මත්ද්‍රව්‍ය නිවාරණයන් සහ අපරාධ සඳහා ඍජුව සම්බන්ධබවට හදුනාගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ සඳහා ජනවාරි 12වනදා මෙම මෙහෙයුම ආරම්භ කළේය.
ඒ අනුව ගත වූ දින 10 තුළ සිදුකරන ලද කටයුතු වල ප්‍රගතිය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකී මේ බව පැවසීය.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙන අපරාධ වැළැක්වීමේ මෙහෙයුම යටතේ පසුගිය ජනවාරි 12 සිට මේ දක්වා ගත වූ දින 10 තුළ පුද්ගලයන් පරීක්ෂා කිරීම් එක්ලක්ෂ 72,877 සිදුකර ඇත.
එහිදී ගිනි අවි 06ක් සිය භාරයට ගැනීමට පොලීසිය සමත්ව ඇත. ඒ අතර ටී-56 3ක් හා පිත්තෝල 3ක් වේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය මෙහෙයුම යටතේ කේරල ගංජා කිලෝ 462ක්, හෂීශ් කිලෝ 15ක් හා අයිස් කිලෝ 8ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.
මීට අමතරව වාහන 64,258ක් පරීක්ෂාකර ඇත.
මෙය සාමාන්‍ය රථවාහන නිලධාරීන් සිදුකරන රථවාහන මෙහෙයුම්වලට අමතරව සිදුකරන ලද මෙහෙයුම්ය.