ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණය කිරීම් ඇරඹෙයි
January 18, 2025 02:48 pm
12 වැනි සියවසට අයත් බෞද්ධ ස්මාරකයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ඊයේ (17) පැවැත්විණි.
අමෙරිකානු තානාපති අරමුදල යටතේ මෙම ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණය වේ.
මෙම උත්සවයට අමරිකානු තානාපති ජුලි චන්ග්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත්, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්. බී අතපත්තු, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.