ට්‍රම්ප් පාලනය යටතේ තායිවානයට කුමක් වෙයිද ?
සයුරෙන් එතෙර

ට්‍රම්ප් පාලනය යටතේ තායිවානයට කුමක් වෙයිද ?

January 18, 2025   03:41 pm

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් තායිවානයට සියලුම ආරක්ෂක පද්ධති ලබාදෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, නව රජයේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස තෝරාපත් කරගෙන සිටින මයික් වෝල්ට්ස්ගේ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.

තායිවානය පෙර ගෙවීම් කර ඇති පරිදි ඔවුන්ට සියලු ආරක්ෂක පහසුකම් සපයන බව ඉන් පැහැදිලි වෙයි.

අමෙරිකානු පරිපාලනය තායිවානය සම්බන්ධයෙන් නිදහස් ප්‍රතිපත්තියක් දිගටම අනුගමනය කරන බවද පැවසෙයි.

මෙම ආරක්ෂක පද්ධතියට මිසයිල, ඩ්‍රෝන යානා සහ උසස් නිරීක්ෂණ උපකරණ ආදිය ඇතුළත් වෙයි.

ඒ අනුව තායිවානයේ උතුරු කලාපයේ උපාය මාර්ගික වැදගත්කමකින් යුත් ගුවන් මිසයිල පද්ධතිය ස්ථාපිත කරනු ඇතැයි ද වාර්තා වෙයි.