සතොස වෙළෙඳසැල් දහසක් දක්වා ඉහළ නැංවීමට පියවර 

සතොස වෙළෙඳසැල් දහසක් දක්වා ඉහළ නැංවීමට පියවර 

January 18, 2025   07:13 pm

පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහාත් රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති සතොස වෙළඳසැල නවීකරණයෙන් පසුව එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය මාස 03 තුළ භාණ්ඩ මිල 17%කින් අඩු කිරීමට රජයට හැකි වූ බවය.

"2025 අවුරුද්දේ සතොස වෙළෙඳසැල් 150කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට සේවා සැපයීම සඳහා ආරම්භ කිරීමට අපි සූදානම්ව සිටිනවා. ලබන වසර තුන තුළ සතොස වෙළෙඳසැල් පාරිභෝගිකයින්ට සේවා සැපයන මධයස්ථාන ලෙස දහසක් දක්වා වැඩි කිරීමට අපි කටයුතු කරනවා. 

පසුගිය මාස තුන තුළ අපි 17%ක් භාණ්ඩ මිල අඩු කරලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ 40ක මිල පසුගිය මාසේ 8%කින් අඩු කරලා තියෙනවා. ඒ නිසා භාණ්ඩවල මිල අඩු කරලා ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දෙන්න සතොස වෙළෙඳසැල් ජාලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් තියෙනවා."