ආණ්ඩුවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වෙලා - දිලුම්
January 17, 2025 04:27 pm
බලයට පත්වීමට පෙර වර්ථමාන රජය විසින් ලබා දුන් පොරොන්දු බලයට පත්වීමෙන් පසු ඉෂ්ඨ කිරීමට නොහැකි ව ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.
අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ එම පොරොන්දු ඉටු කරගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් පැවැති රජයන් විසින් සිදුකළ ව්‍යාපෘතීන් අලුත් නම්වලින් වර්ථමාන රජය ඉදිරිපත් කර ඇති බවය.
රජය විසින් ගෙන ආ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මින් පෙර ඇති කරනු ලැබුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් හිටපු ජනාධිපතිවරයා විසින් කොළඹ පැවැති අපිරිසිදු භාවය පිරිසිදු මට්ටමට ගෙන ආ බවත් පැවසූ දිලුම් අමුණුගම මහතා පැවසුවේ සෑම පොලීසියකම පරිසර කොට්ඨාසයක් ස්ථාපිත කිරීමටත් හිටපු ජනාධිපතිවරයා පියවර ගත් බවය.
ඒ අනුව පරණ ව්‍යාපෘති අලුත් නම්වලින් වර්ථමාන රජය ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පැවසීය.
එමෙන්ම ජනාධිපතිවරයා චීන සංචාරයක නිරත වෙමින් ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක් මෙරටට ලබා ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා දැක්වුවද පසුගිය 2023 නොවැම්බ්ර් මාසයේදී මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට පැමිණි බවත් එම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් වූ බවත් පැවසූ හිටපු අමාත්‍යවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය සිනොපෙක් ආයතනයට ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන් බවත් එවක ආයෝජන අමාත්‍යවරයා ලෙස තමන් ඒ සඳහා මූලික අනුමැතීන්ද ලබා දුන් බවත්ය.
මෙහිදී ඉදිරි දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ සර්වජන බලය සහෝදර පක්ෂ සමග සාකච්ඡා කරමින් පුළුල් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට සූදානම් වන බවය.