චීනයේ සිචුවාන් පළාත සහ ශ්රී ලංකාව අතර සබඳතා නව තලයකට
January 17, 2025 05:02 pm
ශ්රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත් විනිවිදභාවයෙන් යුත් පාලනය පාලනය තුළ රට තුළ ආයෝජනය සඳහා ඉතා හිතරක පරිසරයක්ද නිර්මාණය වී ඇති බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම්වරයා පවසා තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි මහතා අතර අද (17) අතර පැවැති හමුවකදීය.
ආර්ථික සංවර්ධනය අතින් ද සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
බලශක්ති ඇතුළු ක්ෂේත්ර රැසක් ඔස්සේ සිචුවාන් පළාත ලබා ඇති ජයග්රහණය ශ්රී ලංකාව සමඟ බෙදා හදා ගන්නා ලෙස මෙහිදී පළාත් ලේකම්වරයා වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා මේ වන විට ශ්රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, විනිවිදභාවයෙන් යුත් පාලනය තුළ රට තුළ ආයෝජන සඳහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත් පැවසීය.
චීන සංචාරකයන් සඳහා ශ්රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්රී ලංකාවේ සංචාරය කිරීමට සිචුවාන් ජනතාවට ආරාධනා කරන බවද පැවසීය.