මුඛ ද්‍රාවණ ටෙන්ඩරය ගැන SPCයෙන් පැහැදිලි කිරීමක්

මුඛ ද්‍රාවණ ටෙන්ඩරය ගැන SPCයෙන් පැහැදිලි කිරීමක්

January 13, 2025   07:02 pm

අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව මගින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කරන්නේ, අසාදු ලේඛනගත සමාගමකට මුඛ ද්‍රාවණ ටෙන්ඩරයක් ලබාදීම ගැන මාධ්‍ය මගින් පළවූ වාර්තා අසත්‍ය බවය.

අදාළ තොරතුරු නිවැරදි කරමින් ඖෂධ නිතිගත සංස්ථාව සඳහන් කරන්නේ, අදාළ ඇණවුම වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදු කරන ලද ඇණවුමක් සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් තිබූ අයිතමයක් බවය

අදාළ ටෙන්ඩරය ප්‍රදානය කර ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය සහිත අවම මිල ඉදිරිපත්කළ ලංසුකරු වෙත බව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව සඳහන් කරයි.

එමෙන්ම මෙම ටෙන්ඩරය සඳහා සහභාගි වූ ලංසුකරු ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවකු වන අතර රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත ගෙවීම පැහැරහැරීම මත අධ්‍යක්ෂ මණ්ඩල විසින් 2024.10.29 වන දින “ගනු දෙනු පැහැර හරින ලද”  සැපයුම්කරුවකු ලෙස තීරණය කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම ප්‍රසම්පාදන කමිටුව විසින් එම සැපයුම්කරු වෙත ටෙන්ඩරය ප්‍රදානය කිරීමට තීරණය කර තිබුණ ද නැවත කරන ලද පසු විපරම් ක්‍රියාවලියේදී මෙම සැපයුම්කරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ගෙවීම් පැහැර හරින ලද සැපයුම්කරුවකු බව හඳුනාගෙන එම ටෙන්ඩර් මණ්ඩලය විසින් ම එය අවලංගු කර ඇති බවය.

එසේම මෙම ටෙන්ඩරය නැවතත් ඉදිරිපත්ව තිබු අනෙකුත් ලංසුකරුවන් අතරින් සුදුසු ලංසුකරුවකු තෝරාගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන අවසන් කොට තිබූ බව අදාළ නිවේනදයයේ දැක්වේ.

මගින් මෙම ටෙන්ඩරය සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත් වන විටත් ඉහත ක්‍රියාවලිය අවසන් කොට තිබූ බව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.