රුපියල් ලක්ෂ 60කට අධික රන් භාණ්ඩ හා මුදල් කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට
January 13, 2025 07:40 pm
නිවසක් බිඳ මුදල් හා රන් භාණඩ කොල්ල කෑ සැකකරුවන් සිව් දෙනෙකු කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් රාත්රී කාලයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 62කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මුදල් රුපියල් 267,000/-ක් කොල්ලකා පලාගොස් තිබුණි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධව කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුව පසුගිය 11 වැනි දින සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීමේදී අනාවරණය කරගත් කරුණු මත ගම්පොල හා සාම්පුර් ප්රදේශයේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද රන් භාණ්ඩවලින් කොටසක් සහ අපරාධය සිදුකර පලායාමට උපයෝගී කරගන්නා ලද මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23-41ත් අතර වයස්වල පසුවන සාම්පුර්, කිලිවෙඩ්ඩි හා ගම්පොල ප්රදේශයන් හී පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධව කන්තලේ පොලීසිය සහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.