වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචිය අනිවාර්ය කරයි

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචිය අනිවාර්ය කරයි

January 12, 2025   06:46 am

මහකන්නයේ වී මිලදී ගන්නා සියලු මෝල් හිමියන් සහ ගබඩාකරුවන් රජයේ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඔවුන් ලබාගන්නා වී පිළිබද දත්ත පද්ධතියක් නිර්මාණය කර එමගින් වී තොග සගවා ගැනීමට නොහැකි අයුරින් වැඩපිළිවෙළක් සකස් කිරීම එහි අරමුණ බවය.

නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා පැවසුවේ හිගයකින් තොරව සහල් සැපයීමේ අරමුණින් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය. 

වී සහ සහල් සදහා සහතික මිලක් එකවර තීරණ කර ගැසට් කිරීමට රජය අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.