
පාකිස්තානය දිගුදුර බැලස්ටික් මිසයිල හැකියාවන් වර්ධනය කරමින් සිටින අතර අවසානයේ එය අමෙරිකාව ඇතුළු දකුණු ආසියාවෙන් පිටත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම දක්වා වර්ධනය වෙනු ඇති බව අමෙරිකාව පවසයි.
ධවල මන්දිරයේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ජෝන් ෆයිනර් පවසා ඇත්තේ පාකිස්තානයේ හැසිරීම එහි අභිප්‍රායන් පිළිබඳව ප්‍රශ්න මතුකර ඇති බවය.
පාකිස්තානයේ ක්‍රියාවන් අමෙරිකාවට නැගී එන තර්ජනයක් හැර වෙනත් දෙයක් ලෙස දැකීම අපහසු බවද අමෙරිකාවේ මතය වෙයි.



















































