
අංක තහඩු නොමැති යතුරුපැදියක් පැදවූ පුද්ගලයෙකු බෝකුන්දර නිවන්තිඩිය ප්‍රදේශයේදී ලොරියක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වේරහැර ගංගාරාම කහටගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මදුරංග අසිත ප්‍රනාන්දු පෙරේරා නම් 30 හැවිරිදි අයෙකි.
මියගිය පුද්ගලයා යතුරුපැදියෙන් මහරගම දෙස සිට බෝකුන්දර දෙසට පැමිණීමේදී ඔහුගෙන් යතුරුපැදිය ගිලිහී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ ගැටී තිබේ.
අනතුරට පත් යතුරුපැදිය මෙරට ලියාපදිංචි කළ නොහැකි අධිබල ධාරිතාවයෙන් යුත් යතුරුපැදියක් බවට පොලීසිය සැක කරන අතර ඒ සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයිද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධව පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



















































