සයුරෙන් එතෙර

කුවේට් විදේශ ඇමති ඉන්දියාවට 

December 4, 2024   03:40 pm

කුවේට් විදේශ අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. 

ඉන්දියාව සහ කුවේටය අතර බහුවිධ සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදුකෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ රැඳීසිටින කාලය තුළ කුවේට් විදේශ අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවීමට නියමිතය.

කුවේටයේ සිටින ඉන්දියානු ප්‍රජාව සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.